නවතම පුවත්

සුනාමියට අදට වසර 15යි

අසංක

අසංක

ඉන්දීය සාගරය දෙබෑ කළ මහා භූ කම්පනයකින් කැළඹි චණ්ඩ රළ ඉහළට නැගී විත් රටවල් 14ක ගොඩබිම් තුළට ගලමින් 227898 දෙනෙකුගේ ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15ක් ගතවී තිබේ.

සුනාමියෙන් අහිමි වූ ජනතාව මෙන්ම අසරණ වූවන් සිහිගන්වමින් මෙරට
සියලු අමාත්‍යාංශ සහ රජයේ ආයතනයනවල අද දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට හා විවිධ ආපදාවන්ගෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සෙත් පතා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කෙරේ.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙරට පුද්ගලයන් 35,000 ක් පමණ මියගොස් තවත් 5,000ක් පමණ අතුරුදන් වූහ.

සුනාමි ව්‍යසනය සිදුවූ දිනයේ දී පැරෑලිය ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබූ මගීන් 1,500 දෙනෙකු පමණ රැගත් දුම්රිය අනතුරට ලක් වූ අතර එය ලොව බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස ඉතිහාසයට එක්විය.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.3 ඉක්මවූ අතර එය එතෙක් ලොව වාර්තා වු තෙවැනි විශාලතම භූමි කම්පාවයි.

උදෑසන 8.30 ට නැඟෙනහිර වෙරළට සුනාමි රළ ළඟා වූ අතර දිස්ත්‍රික්ක 14 ක සුනාමි ආපදාවට ලක්විය.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතා දිනය ලෙස නම්කර තිබේ.

ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කිරීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !