පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවසන් වරට රැඳී සිට ඇත්තේ කොළඹ පිහිටි නිවසේ වන අතර එහි ආ මැති ඇමැති පිරිසකගේ වාහනයේ නැගී සූක්ෂ්ම එස සැඟවී පලාගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිවී තිබේ.
අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ සැණින් මැති ඇමතිවරුන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ඇත.
වරෙන්තුව පිළිබඳ මාධ්‍ය මගින් දැනගත් මන්ත්‍රීවරයා ඔවුන් සමග වාහනයේ සැඟවී ගොස් ඇත්තේ පිටත මාධ්‍යවේදීන්ට නොපෙනෙන ලෙසයි.
කෙසේවෙතත් අද දිනයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශ්වාසය පළකරයි.