නවතම පුවත්

රාජිතට ආතතිය සහ අධික රුධිර පීඩනයෙන් – තවම රෝහලේ -නියෝජ්‍ය සොලිසිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මේ වන විට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සුදු වෑන් සිද්ධියට අදාලව මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද 27 වෙනිදා කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු ඒ බව සදහන් කළේය.

සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පල කළ, පුද්ගලයින් දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවම ඉදිරිපත් කළේය.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන නොමැති බව අධිකරණයට දැනුම් දෙන්නේ තුන්වැනි සැකකරුවන රාජිත සේනාරත්න මහතාව අත්අඩගතුවට ගෙන තිබේදැයි අධීකරණය විසින් කළ විමසුමකදීය.

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය ඉකුත් 24 වෙනිදා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහු සැඟවී සිට 26 වෙනිදා රාත්‍රී 7.30ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.

රාජිත සේනාරත්න මහතා අධික රුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බැවින් ඔහු ආසන්නයට යාම නුසුදුසු බවට එම රෝහලේ වෛද්‍යවරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දැනුම් දී ඇති බවද ඔහු සදහන් කළේය.

මේ අතර රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් රෝහල් පරීශයේ රැදී සිටින මාධ්‍ය අමතා සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තු භාරයේ සිටින බවකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා