රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන විශේෂ නිල සංචාරයක් සඳහා ලබන මස 14 මෙරටට පැමිණීමට නියමිතව ඇත. එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින වර්තමාන සබඳතාවය මෙන්ම ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.බව මෙරට රුසියානු තානාපති කාර්යාලය සඳහන් කර සිටී
මෙරට සංචාරයෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගිලැව්රෝව් මහතා ජනවාරි මස 15 වනදා ඉන්දියාවේ සංචාරයකද නිරත වීමට නියමිත බවද වාර්තාවේ