අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
ඒ අනුව ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදී ඇත.
එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් අත්හිටුවා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.
තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්න මහතාට නියෝග කර ඇත.
සුදුවෑන් මගින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.