එකම පවුලේ මව පියා සහ ලේලිය යන පවුලේ තිදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි. මාතලේ උකුවෙල ගුරුලවෙල ප්රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.
රා මැදීම සදහා පාන්දර පිටත්ව ගියා පියා නැවත නොපැමිණි නිසා මව සමග දියණිය සහ ලේලිය පියා සොයා පිටත්ව ගොස් තිබේ. වැටී සිටි පියා බේරාගැනිමට ගියා මව සහ ලේලිය විදුලි සැර වැදි ඇත.
ප්රධාන මාර්ගයේ ඇති විදුලි රැහැන් වලින් මෙම වෙල් යායට නීති විරෝධි රැහැන් ඇද තිබේ. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.