ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්භාන්ධන් මහතා ඉදිරි දෙදින තුල එරට ඩී එම් කේ පක්ෂයේ හා පී එම් කේ පක්ෂයේ නායකයින් මුණගැසීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව ඩී.එම්.කේ නායක එම් කේ ස්ටාලින් පීඑම්කේ පක්ෂයේ නිර්මාතෘ එස් රාමඩොස් සමග ඉදිරි දෙදින තුල සම්භාන්ධන් මහතා සාකච්ජා පවත්වනු ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට බලපාන ගැටළු පිළිබඳව මෙන්ම මේ වනවිට ඉන්දියානු රජය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති පුරවැසි පනත පිළිබඳවද මෙම සාකච්ජාවලදී අවධානය යොමු කෙරෙනු ඇති බවද වාර්තාවේ.