නවතම පුවත්

රංගජීව යළි සේවයේ පිහිටුවයි

අසංක

අසංක

වැඩ තහනමකට ලක්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාව නැවත සේවයේ පිහිටවූ බව ජාතික පොලිස් කොමිස මේ උසස් නිලධාරියෙක් ද කලම්බෝ එක්ස්ප්‍රස්වෙත අද සදහන් කළේය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ කැරැල්ලේදී රැදවියන් 27 දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනාවක් එල්ලවිය. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් පවත්වා රංගජීව මහතාවත් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වූ එමිල් රංජන් මහතාවත් අත්අඩංගුවට ගත්තේය.

මාකදුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව පාතාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි රංගජීව මහතාගේ ජිවතය තවදුරටත් අනාරක්ෂිත කරමින් ඔහුගේ වැඩ තහනම් වන්නේ පසුගිය ආණ්ඩුව සමයේදීය. ඒ සම්බන්ධයෙන් රංගජීව මහතා පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ බවත් ඉකුත් සතියේ රැස්වූ කොමිසම ඔහුව නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඒ බව පොලිස් මූලස්ථානයට දැනුම් දුන් බවත් පොලිස් කොමිසමේ නිලධාරියා කීය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .