ශ්‍රී ලංකාව තුල මේ වනවිට කිසිදු අකාරයේ සහල් හිඟයක් නොපවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටී.
දීපව්‍යාප්ත පාරිභෝගික සේවා නිලධාරීන්ගෙන් ඊට අදාළ වාර්තා ලබාගෙන ඇති බවත් ඒ අනුව සහල් හිඟයක් රට තුල නොමැත බව තහවුරු වී ඇති බවත් එම අධිකාරිය සඳහන් කර සිටී.
සහල් හිඟ ප්‍රදේශවලට මහා පරිමාණ සහල් මෝල් හිමියන් මගින් සහල් තොග දැනටමත් යවා ඇති බවද වාර්තාවේ.