නවතම පුවත්

පුජිත්ට පුතාගේ විවාහයේ සාක්ෂිකරුවකු වීම අහිමි කරයි

අසංක

අසංක

සත්‍යජිත් ලියනගේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට මීගමුවේ හෝටලයක මේ වනවිට පැවැත්වෙන සිය පුතාගේ විවාහ මංගල උත්සවයේ සාක්ෂිකරුවකු ලෙස එක්වීම පවා වළක්වා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පොලිස්පතිධූරයේ අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය නඩු වාරයේදී සිය පුතාගේ විවාහ මංගල උත්සවයට සහභාගිවීමට පමණක් අවසර ලබා දෙන්නැයි අධිකරණයෙන් හෙතම ඉල්ලීමක් කර තිබිණි.

එවැනි ඉල්ලීමක් සලකා බැලීමේ හැකියාව බන්ධනාගාර ප්‍රධානීන්ට ඇති බව විනිසුරුවරිය දන්වා සිටියාය. නමුත් අදාල ඉල්ලීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.


බන්ධනාගාර ප්‍රධානීන් මේ සදහා අනුමැතිය දීමට බන්ධනාගාර අමාත්‍යංශයෙන් විමසීමක් කර තිබේ. නමුත් අද විවාහ මංගල්‍යය ආරම්භවනතුරුත් ඒසදහා නිල උපදෙසක් ඔවුන්ට ලැබී නොතිබිණි.


දඩුවම් නියම වු වරදකරුවන්ට පවා පවුලේ සවිශේෂි අවස්ථාවකට එක්වීමට අවසර ලබා දීම බන්ධනාගාරයෙන් සිදුවන්නකි. ඒ බන්ධනාගාර ජේලර්වරුන්ගේ අධීක්ෂණය යටතේය.


නමුත් දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට මෙම අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් උපදින බව බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා