පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
ඒ යටතේ තරුණ කණ්ඩායම් සමග එක්ව ගොවි හමුදාවක් නිර්මාණය කරන බවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය
එහි පළමු අදියරේදී කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු අස්වැද්දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය
පුරන් කුඹුරු අස්වැද්දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට පොහොර බීජ වී ඇතුළු පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය