ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්සයේ ඊඩ්න් නගරයට අද වැසි ඇදහැලී තිබේ.
එහෙත් තවමත් එහි ලැව්ගිනි දුමාරය පැතිර යන බව එරට වාර්තා පැවැසීය.
කාලගුණ බලධාරීන් පෙන්වාදෙන්නේ අද හෙට සහ අනිද්දා දිනයන්හිදී මිලිමීටර් 5-20 අතර සුළු වැසි ඇති විය හැකි බවයි.
එය එහි පවතින සෙල්සියස් අංශක 41ට වැඩි උෂ්ණත්වය තරමක් අඩු කර ගැනීමට හැකි වුවද ලැව්ගිනි නවතා දැමීමට තරම් ප්‍රබල නොවනු ඇති බව ද සඳහන් වේ.
ඒ අනුව එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් පමණ පහත බැස තිබේ.