හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට එරෙහිව වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද කටයුතු කලාය .
අයුතු ගනුදෙනු තුළින් රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව යටතේ සරණ ගුණවර්ධන මහතාට මෙසේ සිරදඩුවම් නියම විය .
සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ 2007 වසරේ මැයි 5 වැනිදා 2008 වසරේ අප්‍රේල් 30 දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාහන තුනක් මිල දී ගැනීමේදී රුපියල් නව ලක්ෂ හැට දහස බැගින් අයුතු ලෙස බදු අත්තිකාරම් ගෙවීම ඇතුළු චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනුකර තිබිණ.