නවතම පුවත්

ජූඩ් නිලුක්ෂාන් මහ භාණ්ඩාගාරයට

අසංක

අසංක

මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.

අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මීට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ ම සහකාර අධ්‍යක්ෂ ධුරයේ සහ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කලක් සේවය කළ ජූඩ් නිලුක්ෂාන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගෙන ඇති ඒ මහතා දකුණු කොරියාවේ Kyung Hee විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා