පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට නියමිත පතොරම්වලට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කළ ආකාරය ගැන වහාම පරීක්ෂණයක් අරඹන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද කථානායකවරයාට පැවැසීය.
කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ අදාළ අංශ විසින් ඒ පිළිබඳ විමර්ශනයක් කරනු ඇති බවයි.
සාමාන්‍යෙන් මන්ත්‍රීවරයකුට ලබාදෙන්නේ පතොරම් 9-10ක් බවත් රන්ජන් රාමනායක මහතාට 150ක් නිකුත් කොට ඇත්තේ මන්ද යන්න විමර්ශනය කළ යුතු බව නිමල් ලාන්සා මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.