ඉරාන, ඉරාක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ,කොළඹ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය වෙනස් කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවය පියවර ගෙන ඇත.
ඒ අනුව , ඉරාන සහ ඉරාක ගුවන් අවකාශය මග හැර තම යානා පියාසර කිරීමට එම ආයතනය සැලසුම් කර ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින තත්ත්වය නිරීක්ෂණය කරන බවත් ඒ අනුව ජාත්‍යන්තර සහ ජාතික ආයතන සමග සබඳතා පවත්වා ගනිමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩල ආරක්ෂාවට මුල්තැන ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය මාධ්‍ය වෙත සඳහන් කර සිටී