දකුණු ඕස්ට්‍රේලියාවේ ඔටුවන් දසදහකට අධික සංඛ්‍යාවක් මරාදැමීමේ කටයුතු ආරම්භ කර තිබේ.
එරට වාර්තා පැවසුවේ ගුවනේ සිට වෙඩි තබා ඔවුන් ඝාතනය කිරීමට වෙඩික්කරුවන් කණ්ඩායම් වශයෙන් යවා ඇති බවයි.
එම නිලධාරීන් ආදිවාසීන්ගේ අවසරය ලැබුණු පසුව වෙඩිතැබීම ආරම්භ කර ඇත.
ඕස්ට්‍රේලියාව මේ දිනවල නියං තත්ත්වයකට මුහුණදෙමින් සිටින අතර මේ හේතුවෙන් එහි ඔටුවන් විශාල වශයෙන් නගරවලට පැමිණ වතුර ටැංකි ආදියට එබෙමින්, ටැප් වතුර පවා බීමට පටන්ගෙන තිබීමෙන් ජනතාව මහත්අසීරුතාවට පත්ව ඇත.
නියං තත්ත්වයක් පවතිද්දී ඔටුවන් විශාල වශයෙන් ජලය පානය කිරීම අර්බුදකාරී තත්ත්වයක් මතුකිරීම නිසා රජය මෙම පියවර ගෙන ඇත.