නවතම පුවත්

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ රාජ්‍ය සේවයකයන්ට විපස්සනා භාවනාව කරන්න නිවාඩුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බොද්ධාගමික හා විපස්සනා භාවනා වැඩසටහන්වලට සහභාගිවීම සඳහා තම රාජ්‍ය සේවකයින් හට දින දහයක රාජකාරි නිවාඩු ලබාදීමට ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

මෙම භාවනා වැඩසටහන් වලට සහභාගිවීම හරහා රාජ්‍ය සේවකයින් තුල තම රාජකාරි කටයුතු වඩාත් කාර්යක්‍ෂමව හා වඩා විධිමත්ව කිරීමේ හැකියාව වැඩි වර්ධනය වන බව ගුජරාටි රජය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
මෙම භාවනා වැඩසටහන් පැවැත්වෙන කඳවුරු වෙත ගොස් දින දහයක පුහුණුවක් ලැබීමේ අවස්තාව රජය විසින්ම මෙම රාජ්‍ය සේවකයින්ට සලසා ඇත.

ඒ අනුව , එම වැඩසටහනට සහභාගී වූ බවට ලබාදෙන සහතිකය ඉදිරිපත් කර තම නිවාඩු අනුමත කරගැනීමේ අවස්ථාවද ගුජරාටි රජය එම ප්‍රාන්ත රාජ්‍ය සේවකයින්ට ලබාදී ඇත.

විපස්සනා භාවනා ක‍්‍රමය ඉන්දියාවේ ඉපැරණි භාවනා ක‍්‍රමයක් වන අතර යටපත්ව පැවති එම භාවනා ක්‍රමය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්යවාදෙනු ලැබූ බවත් ව දුක් දොම්නස් වලින් මිදීමේ යතාර්ථය ඒ හරහා අවබෝධ කර ගත හැකි බවත් ගුජරාටි ව්ශේෂඥයින් මේ පිලිබඳ අදහස් දක්වමින් සඳහන් කර ඇත.

විශේෂයෙන්ම මේ හරහා දුක් දොම්නස් උපදවීම හෝ ඒවායින් මිදීම සිදුවන්නේ කෙසේ ද යන්න ගැන වැටහීමක් ඇති වන අතරම වර්ධනය වූ සිහිනුවන, මුලා නොවී්මේ ස්වභාවය , ස්වයං පාලනය සහ සන්සුන්කමද ඉන් ගොඩනැගෙන බව ඔව්හු පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්