පසුගිය රජය සමයේ දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසන් සභාවක් පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නියෝගය මත මෙම කොමිෂන් සභාව පත්කර ඇති බවද වාර්තාවේ, ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කොමිසන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් නම් කරනු ලැබ ඇත.
මෙම කොමිසමේ විමර්ශන වාර්තාවන් මාස 06ක් ඇතුලත ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසන් සභාවට දැනුම් දී ඇත.