සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටී .
“මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්රහාර එල්ල කිරිමෙන් පැය කිහිපයකට පසුව යුක්රේන ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය අනතුරට ලක්විය.
.