සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ. බෝදරගම මහතා පත්කෙරේ.
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස ද ඒ.බෝදරගම මහතා කටයුතු කළේය.
1985 වසරේ දී සුරාබදු පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවා තිබේ.
බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය.
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය,
කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත වී ඇත.