නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ.
දවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් ඇත.
සුදු වෑන් සිද්ධියක් පවසමින් අපරාධකරුවන් දෙදෙනෙකු යොදාගෙන මාධ්‍ය හමුවක් පැවැත්විම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබාදුනි.
එම නියෝගයෙන් දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණි.
පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහු අත්අඩංගුවට පත්විණි.
රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.