නවතම පුවත්

තෛපොංගල් දිනය අදයි

අසංක

අසංක

හින්දු බැතිමතුන් විසින් සමරනු ලබන තෛපොංගල් දිනය අදට(15) යෙදී තිබේ. ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අරුත ඇති තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය යදිමින් සූර්ය දිව්‍යරාජයාට වන්දනාකරන සෞභාග්‍යමත් මෙන්ම ආදරයේ හා කරුණාවේ මංගල්‍යය ලෙසද හින්දු බැතිමත්හු හඳුන්වති.

උක් ගසින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් උක් හකුරු හා පලතුරුවලින් සාදාගන්නා ලද කිරිබත් සාදා, මල්, පහන් දල්වා හිරු දෙවියන්ට ඉටුකරනසූර්ය දේව පූජාව පවත්වමින් ‘මේ වසරේද තම කෙත්වතු සරුසාර වේවා‘ යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනා කරති.

පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන ‘මකර සන්ක්‍රාන්ති’ සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුර යාම නොහොත් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වේ. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ. මෙම උත්සවය දමිළ ජනයා සඳහා පමණක් ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සඳහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්‍රයකි.

භිෂ්මා තම මිනිස් ජීවිතය අතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම ‘උත්තරායන’ නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සඳහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14දා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා