නවතම පුවත්

බුද්ධි අංශ වෙත වැඩි බලයක් – නව පනතක්

අසංක

අසංක

මෙරට ක්‍රියාත්මක බුද්ධි ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි නව පනතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

බුද්ධි අංශ නියාමනය හා බලගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම පනත පිළිබඳ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව පනත හඳුන්වා දිමට අවශ්‍ය කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟ වී ඇත.

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් විමසා ඒවා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බුද්ධි අංශ කටයුතු කරයි.

එම ආයතනය විසින් සොයාගන්නා ලද තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළුවලදී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටුවහලක් වන බව රජයේ අදහසයි.

බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදු වන මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය තරම් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමාවී ඇති බව පෙනීයාම නිසා රජය මෙම පියවර ගෙන තිබේ.

විශේෂයෙන්ම පසුගිය අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට කලකට පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී ඒ පිළිබඳ අදාළ අංශ වෙත සියලු නම් ගම් ලබාදී තිබූ මොහොතක එම ප්‍රහාරයයට මුහුණ දීමට ජනතාවට සිදුවූ බව පසුව අනාවරණය වූ කරුණුවලින් පෙනී ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්