නවතම පුවත්

භයානක රෝග බෝකරන අලුත් මදුරුවෙක් ලංකාවේ

අසංක

අසංක

භයානක රෝග බෝ කල හැකි බවට සැකකෙරෙන නවතම මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් ‘near inful’ ලෙස හඳුන්වන මෙම මදුරුවා මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කර සිටී.

මෙම නව මදුරු විශේෂය ,ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන බවද වාර්තාවේ
නව මදුරු විශේෂය වෙන්කර හඳුනාගැනීමට උපයෝගී වන ප්‍රධාන බාහිර ලක්ෂණ දෙකක් ඇති බවද වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කර ඇත.

ඉන් එක් ලක්ෂණයක් නම් මදුරුවාගේ පියාපත්වල ‘Pepper salt structure’ ලෙස හඳුන්වන “ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට දක්නට ලැබෙන ස්වභාවයකි.”

අනෙක් ලක්ෂණය වන්නේ එම මදුරුවාගේ පෘෂ්ඨයේ සුදු පැහැති ඊ හිස් වැනි සළකුණු දක්නට ලැබීමය.
මීට අමතරව අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට පාදවල සහ ශුන්ඩාවේ ද විශේෂ ලක්ෂණ දැකිය හැකි බව වාර්තාවේ.

මෙම මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වන අතර, රාත්‍රි කාලයේදී වැඩි වශයෙන් දෂ්ට කරන බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.

මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තාවී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙනි. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව මදුරු විශේෂය ගැන විදේශ රටවල ද සහය ඇතිව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි