නවතම පුවත්

හරියට නොකළොත් ඉදිරියේ ආහාර අර්බුදයක්

අසංක

අසංක

කෘෂි කටයුතු විධිමත්ම සිදුනොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව
මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ ලග්ගල ගොවි ජනතාවට උපකරණ බෙදා දෙමින් කියයි.

ලග්ගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ දඹගොල්ල සහ හැලඹගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සදහා මුං බීජ බෙදා දීමේ උත්සවයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහීද ගොවි මහත්ම මහත්මීන් සදහා විදුලි පඹයන් සහ වායු රයිෆල් ලබාදීමද සිදුවිය.

ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම මෙහිදී ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසුනි.  

මෙහීදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ජනතාවට අනාගතයේදී ආහාර අර්බුදයක් ඇති වීමේ අවධානමක් පවතින බැවින් වඩා විධිමත් ආකාරයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බවයි.

මෙම අවස්ථාවට නා උල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක ඇතුළු මහත්ම මහත්මීන් රැසක්ද එක්විය. 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි