චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබූ බව වාර්තාකරු පවසයි.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් බී.එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න යන අය මෙසේ නිදහස් කිරීමට නියෝග කෙරුණි.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි නඩුවේ හත්වන විත්තිකරු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇප මත මුදා හැරීමට ද නියම කළේය.