නවතම පුවත්

බස්නාහිර ආණ්ඩුකාරවරිය පානදුරාවාදය පැවති භූමියේ නිරික්ෂණ චාරිකාවක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ආණ්ඩුකාරතුමිය රමුක්කන විද්‍යාලෝක කණිෂ්ඨ විද්‍යාලයේ ඇති අඩුපාඩු සොයා බැලූ අතර ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට අදාල අංශ වෙත උපදෙස් ලබා ලබාදුනි. තවද ඉදිකිරීම් අවසන් කර නොමැති ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමටත් උපදෙස් ලබා දුනි.

අනතුරුව ගරු ආණ්ඩුකාරවරිය ඵෛතිහාසික වටිනාකමකින් යුත් පානදුරාවාදය සිදු වූ භූමිය පරීක්ෂාවට ලක් කර එහි ඵෛතිහාසික වටිනාකම සුරැකෙන පරිදි එහි නඩත්තු කටයුතු කඩිනමින් සිදු කිරීමට උපදෙස් ලබා දුන් අතර එම ස්ථානයේ තාප්ප වල සිතුවම් කරමින් සිටි දැරිවියක් ද ඇගයීමට ලක්කොට එම සිතුවම් කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දීමට කටයුතු සලසා දුනි

මේ අතර පාණදුර පොදු වෙළඳසැලද ආණ්ඩුකාරවරිය හදිසි පරීක්ෂාවට ලක් වූ අතර පොදු වෙළෙඳ සැලේහි වෙළඳ භවතුන් සමඟ එම ස්ථානයේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට පොරොන්දු විය.

තවද ඉන් අනතුරුව බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පාලනය වන “ප්‍රජාපති ළමුන් භාර ගැනීමේ මධ්‍යස්ථානය” ද හදිසි පරීක්ෂාවට ලක්කළා.

ඉන් අනතුරුව බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින “කනන්විල කෘෂිකර්මය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය” ද හදිසි පරීක්ෂාවට ලක් කරා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි