මෙරට ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ඊයේ සවස අත්අඩංගුවට සමත්වූ බව පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානී එම් , ආර් ලතීෆ් මහතා සදහන් කලේය. එහිදී අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණය කිලෝ 295 කී .
මෙහි වෙළෙදපොල මිල රුපියල් බිලියන 2.9 (මිලියන 2945)කට අධිකය.
කොල්ලුපිටිය මරීනා මෝල් හිදී ප්‍රවාහනය කරමින් තිබු කුඩු කිලෝ 100 ක් අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කල ප්‍රශ්න කිරීමේදී මට්ටක්කුලිය ගබඩා සංකීර්ණයක තිබී තවත් කිලෝ195ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු පානදුර කෙසෙල්වත්තේ ප්‍රදේශය පදිංචි කරුවකි ගොඩනැගිලි ද්රවිය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි .
මොහු 7 හැවිරිදි දරුවා මෝටර් රථයේ තබාගෙන කුඩු රට පුරා බෙදාහැරීමේ නිරතව ඇත. මේ කුඩු තොගය මුහුදු මාර්ගයෙන් මොහුගේ ඩුබායි සිටින මස්සිනා ලංකාවට එවා ඇත.
මෙය පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් තොගය වන කිලෝ 270ක ප්‍රමාණයට වඩා වැඩි වන බැවින් මෙතෙක් ඉතිහාසයේ මෙරට තුළදී අත්අඩංගුවට ගැනුණු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය මෙයයි.
දම්පත් රණසිංහ
