නවතම පුවත්

ජනාධිපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවලට එ.ජා ප්‍රසාදය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය  ප්‍රසාදය පළ කරයි.

ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි.

දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි. අඩු ආදායම්ලාභීන්   ලක්ෂයකට රැකියා ලබාදීම සහ සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව ද ජනාධිපවරයා නියෝජිතවරිය දැනුවත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ විෂය ප්‍රවර්ධනය සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය යන කටයුතුවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදීමට නියෝජිතවරිය පොරොන්දු වුවාය.

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබද ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. අදාළ පවුල්වල ජීවනෝපායමාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. තම දේශපාලන අභිලාෂයන්ට පටහැනිවිම හේතුවෙන් ද්‍රවිඩ දේශපාලනඥයන් එම පියවර ප්‍රතික්ෂේප කළද රජයේ අරමුණ වන්නේ අගතියට පත් පවුල්වල යහපත සැලසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !