නවතම පුවත්

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය නිල වශයෙන් රජයට දන්වයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා වැඩිදුරටත් සඳහන් කලේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි. මේ බව ඔහු සදහන් කලේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර එම අමාත්‍යංශයේ දි පැවැති සාකඡාවකදීය.

අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තය ද ඇගළුම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා සංගමයේරටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබද ව රජයේ ස්තූතිය පළ කරන බව ද කීවේය.

යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා කැමැත්තෙන් සිටින බව යුරෝපා සංගම් උප සභාපතිවරයා කීවේය. 

යුරෝපා සංගම් රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙස ද ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා