පොලිස් නිළධාරියකුගේ ගිනි අවියක් හදිසියේම ක්රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකින් අපවත් වී ඇත්තේ හාතාගල රජමහා විහාරයේ විහාරවාසීව වැඩ විසූ 21 හැවිරිදි වියේ පසුවූ බුත්තල සීලරතන හිමියන්ය.
හුංගම, හාතාගල ප්රදේශයේදී යතුරු පැදි සංචාරයෙන් යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් නවත්වන ලෙස අණකර තිබේ.
කෙසේ වෙතත් එම අණකිරිම නොසළකමින් යතුරුපැදිය ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරින් විසින් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබේ.
මෙම පොර බැඳිම සිදුවන අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්රියාත්මක වී ඇති අතර ඒ අවස්ථාවේ ඒ අසළින් ගමන් ගත් කරමින් තිබූ වෑන් රථය තුළ සිටි හිමිනමට මෙම වෙඩි පහර වැදී ඇති අතර පසුව පසුව අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සීලරතන හිමියන් අපවත්වී තිබේ.