නවතම පුවත්

“ප්‍රීමා- ටෝකියෝ සමාගම්වල ගිවිසුම් ගැන මාසයක් තුළ සොයාබලනවා”- ඇමති ජොන්ස්ටන්

අසංක

අසංක

ප්‍රීමා-ටෝකියෝ සමාගම්වල ගිවිසුම් ගැන මාසයක් තුළ සොයාබලන බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. 


“මම ත්, රාජ්‍ය ඇමතිතුමා ත් දෙන්නාම වරාය අමාත්‍යාංශයට අලුත්.  වරාය අධීක්ෂණය කරන්න , මේ ගැන අධ්‍යයනය කරන්න, ලාබ පාඩු බලන්න , ඉදිරි සංවර්ධන කටයුතු සහ සේවක ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න තමයි අද ත්‍රිකුණාමලය වරායට ආවේ.

ත්‍රිකුණාමලය වරාය දියුණු කරන්න පුලුවන් කොහොමද කියල අපි බලන්න ඕනි. විශාලත්වය අතින් ගත්තාම මේක ලෝකයේ දෙවැනි ස්වභාවික වරාය යි. ඒත් මේකේ තියෙන්නේ ටෝකියෝ සිමෙන්ති එකයි, ප්‍රීමා එකයි විතරයි.

ඒ ඇරෙන්න ඉන්දියන් ඔයිල් සමාගම හරහා අපි බංකරින් කරනවා. අපි බලන්න ඕනි මේක පෞද්ගලික අංශයට තිබුණා නම් ඔවුන් කොහොමද දියුණු කරගන්නෙ කියල, කොහොමද ඔවුන් මේකට ව්‍යාපාර ගේන්නෙ කියල. අපි කිසිසේත් ම ත්‍රිකුණාමලය වරාය පෞද්ගලිකකරණය කරන්නෙ නෑ පහුගිය ආණ්ඩුව හම්බන්තොට දුන්නා වගේ. ඒක ජාතික අපරාධයක්.

හම්බන්තොට වරාය දුන්න අයට ශාප වෙනවා. ඒකයි අවුරුදු පහෙන් ගෙදර යන්න සිද්ධ වුණේ. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපති තුමාගේත් , මහින්ද රාජපක්ෂ අගමැති තුමාගේත් යටතේ තියෙන මේ ආණ්ඩුව තියෙන දේවල් විකුණන්න ආව ආණ්ඩුවක් නෙවෙයි, තියෙන දේවල් රැකගන්න ආව ආණ්ඩුවක්. ඒවා දියුණු  කරන්න ආව ආණ්ඩුවක්.

පුද්ගලික අංශයට ත්‍රිකුණාමලය වරාය තිබුණා නම් මේ වෙද්දී විශාල දියුණුවක් ඇතිවෙලා. අපි පෞද්ගලික අංශය බලන කෝණයෙන් බලලා මේක දියුණු කරන්නෙ කොහොමද කියල කල්පනා කළ යුතුයි යැයි වරාය , නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රීමා සමාගමෙන් චන්ද්‍රිකා මැතිනියගෙ කාලේ විශාල කොමිස් මුදලක් අරන් වරායෙ කොටසක් දුන්නා. අද රාජ්‍ය භාරය එන්නෙත් නෑ . නිකම්ම දීලා තියෙන්නෙ. මේවාට තමයි ඇත්තටම හිරගෙවල්, අලුත් උසාවි හදන්න තිබුණේ. මේ ගිවිසුම් සියල්ල ගැන අපි නැවත සොයාබලන්නට බලාපොරොත්තු වෙනවා.

මම ලේකම් තුමාට නියෝග කළා වහාම ගිවිසුම් දෙක සොයලා ගේන්න කියල. ඒ ගිවිසුම්වල තියෙන හානිදායක දේවල් , වාසි අවාසි අපි සොයාබැලිය යුතුයි. වාසිදායක දේවල් ඇති කියල මම නම් හිතන්නෙ නෑ. මේ ගැන  කලින් ආණ්ඩු සොයලා බලලා නෑ. 


වරාය ඇමෙරිකාවට විකුණන කතාව තිබුණේ පහුගිය ආණ්ඩුව කාලයේදී යි. තමන්ගෙ දෙමවුපියෝ විකුණන්න පුලුවන් නම්  දෙමාපියන්වත් විකුණන ආණ්ඩුවක් තිබුණේ. අපි පැහැදිලිව ම කියල තියෙනව පසුගිය කාලේ තිබුණ ගිවිසුම් එක්ක අපි එකග නෑ කියල.
ප්‍රීමා සහ ටෝකියෝ සමාගම්වල ගිවිසුම් ගැන මාසයක් තුළ සොයාබලන්න අපි බලාපොරොත්තු වෙනවා.

නිවැරැදි කරන්න පුලුවන් දේවල් නීත්‍යනුකූලව කරනවා. අපේ ආණ්ඩුව කැලෑ නීතියට වැඩ කරන්නෙ නෑ . ගිවිසුම් ගැන සොයාබලන්න කියල මම ලේකම් තුමාට නියෝග කළා. නීත්‍යනුකූලව ඒ සම්බන්ධයෙන් ගත හැකි තීන්දු ඉදිරියේදී ගන්නවා යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි