නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට අදාළව නීතිපතිවරයා මෛත්‍රී-රනිල් වෙනුවෙන් පෙනීසිටින්නේ නෑ – උසාවියට දන්වයි

අසංක

අසංක

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දී තිබේ.

ඒ, පෙත්සම් 12ක් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුනු අවස්ථාවේදියි.

ඒ අනුව ඊට විරෝධතා ගොනු කිරීම සඳහා මාර්තු මස 10 වනදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට දැනුම් දුනි.

මෙම පෙත්සම් අද(20) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් මෙම විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය හිටපු ජනාධිපති ‍ මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටීමක් නොකරන බව අධිකරණයට දන්වා සිටියේ ය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 6 වන දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවලට කල් තැබීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි