පැහැරගැනීමකට ලක් වූ බවට අසත්‍ය ප්‍රකාශ කළ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැනිස්ටර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ ඊට පෙර සම්බන්ධතා පැවැත්වූ බවට හෙළි වී තිබේ.
ඒ අතරින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළම නිලධාරියෙක් සමඟ ඇය සමීප සබඳතා පැවැත්වූ බවට තහවුරු වී ඇත.
මේ වන විට එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩ තහනමකට ලක්ව සිටී.
ඇය විසින් මෙවන් මෙවැනි බරපතළ බරපතළ අසත්‍ය ප්‍රකාශයක් කරන ලද්දේ ඇය සබඳතා පැවැත්වූ එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන්ගේ සැලසුමක් මත ද යන්න මේ වන විට සැකයක් මතු වී තිබේ.
ගානියා බැනිස්ටර්ගේ දුරකථන විශ්ලේෂණයේ දී පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සමඟ ඇය පැවති සබඳතා පිළිබඳ තහවුරු වී ඇත.