නවතම පුවත්

කොරෝනා වෛරසය බෝවන ලෙඩක් – චීන රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළට

අසංක

අසංක

චීනයේන් හඳුනාගත් කොරෝනා වෛරසය පැතිරයන වේගය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් තිබේ.

මෙම වෛරසය ආසාදනය වීමෙන් නිව්මෝනියා තත්ත්වයක් හටගන්නා අතර එය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වැළඳිය හැකි බවද හඳුනාගෙන ඇත.

වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ.

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇත.

එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය.

වෛරසය ආසාදනය වූවන්ගෙන් තුන්දෙනෙකු මියගෙස් තිබේ.

ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූවන් පිළිබඳ වාර්තා වේ.

වෛරසය පැතිරයන්නේ චීන වැසියන් මිලියන ගණනක් ලූනා නව වසර සැමරීමට සූදානම් වන අතරතුර ය .

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය, සාර්ස් වෛරසයට සමානකම් පෙන්වන බවයි.

සාර්ස් වෛරසය වැළඳුණු පුද්ගලයන් 774 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

2019 – nCoV යනුවෙන් හැඳින්වෙන මෙම වෛරසය මීට පෙර මිනිසුන් තුළ හඳුනාගෙන නොතිබිණි.

මේ හේතුවෙන් සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් මස් සහ බිත්තර හොඳින් පිසින ලෙසත් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් එරට ජනතාවට උපදෙස් දී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා