කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන, වාර්තා කිරීමට විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර 3ක් පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇත.
චීනය පුරා , කොරෝනා වෛරසය මේ දිනවල සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම ආරක්ෂිත පියවර ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර ඇත.
මේ අනුව කිසියම් රෝගී ගුවන් මගියකු, ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා වුවහොත්, ඔවුන් වහාම කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතුද මේ වනවිට සූදානම් කර ඇත.