පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි (CD) 05 ක් පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.
ඒ ඇමතුම් 15000ක පමණ ඇමතුම් බව වාර්තා වේ.2016 වසරේ සිට ඔහු පටිගත කොට තිබූ මුළු හඬපට ගණන 128,000කට අධිකය.
ඊයේ දිනයේදී මන්ත්රිවරයා හඬපට සභාගත කරන බව විශේෂ ප්රකාශය අතරතුර පැවසුවද එය කර තිබුණේ නැත.