නවතම පුවත්

දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාවේ අගය වෙනස් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ආයතනය විසින් එළි දක්වනු ලැබූ දුෂණ සංජානන දර්ශකයේ (CPI) රටවල් ශ්‍රේණිගත කිරිම අනුව ශ්‍රී ලංකාව පසුපසට ගොස් තිබේ.

2019 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 93 වැනි ස්ථානයේ පසුවන අතර 2018 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 89 වැනි ස්ථානයේ පසුවිය.

දූෂණ සංජානන දර්ශකය ලකුණු 0 (බෙහෙවින් දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ලංකාවට 2018 වසරේ හිමිවූ  ලකුණු 38ක අගය මේ වසරේදීත් ලබාගෙන තිබේ.

දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් අගය අනුව එය පසු වන්නේ භූතානය (68) සහ ඉන්දියාව (41)  යන රටවල් දෙකටත් වඩා පිටුපසිනි. එමෙන්ම ආසියානු පැසිෆික් කලාපිය සාමාන්‍ය අගය 45 වන අතර ශ්‍රී ලංකාව එයටද වඩා පිටුපසින් පසු වේ.

මෙම දර්ශකය අනුව පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 87 අගයක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 9 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි. 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි