ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුල හා ඊට අයත් බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විෂමාචාරයන් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා සිව්පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් පත්කර ඇත.
ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පත්කර ඇති මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාය.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන, නීති නිලධාරිනී ප්‍රියන්ති ගුණසේකර හා අභ්‍යන්තර විගණන නිලධාරී වී.කේ.එච්. කෝලිත යන මහත්ම මහත්මීහු කටයුතු කරයි