නවතම පුවත්

‘රන්ජන් හඬපට සභාගත කළේ නෑ’ -කථානායක

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට කිසිවක් මෙතෙක් සභාගත කර නොමැති බව කථානායක කරූ ජයසූරි මහතා තහවුරු කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද(24) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දීය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟහරුවාදා දිනයේදී එම හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට තම විශේෂ ප්‍රකාශය අතර තුර පැවසූවද, පෙරේදා දිනය වන තෙක් ඒවා සභාගත කර නොතිබිණි.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ රන්ජන් රාමනායක මහතා පැවැත් වූ දුරකථ සංවාද පහලොස් දහසක් අඩංගු සීඩී තැටි 5ක් පාර්ලිමේන්තුවට ලබාදුන් බවයි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළින් එල්ල වූ චෝදනාව හේතුවෙන් ඔහු ඊයේ දිනයේ දී සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබිණි.

ඒ තමා ඉදිරියේ රංජන් රාමනායක මහතා හඬ පට සංවාද ඇතුළත් සීඩී තැටි පාර්ලිමේන්තුවට භාර දුන් නමුත් පසුව ඒවා නීතිමය උපදෙස් ලැබෙන තුරු තබා ගත් බවට තමාට දැනගන්නට ලැබුණු බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා