චීන සංචාරකයින්ට මෙරට වීසා ලබාගැනීමේ කටයුතු සඳහා චීනයේ ෂැංහයි පිහිටි සීමා සහිත ට්රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්රැවල් සර්විස් සමාගමේ සේවය ලබාගැනීමට රජය අවසර දී ඇත.
චීන සංචාරකයින් මෙරටට පැමිණීමේදී , අන්තර්ජාලය හරහා ගමන් අවසර ලබා දීමේ ක්රමවේදය දැනට ඉංග්රසි භාෂාවෙන් පමණක් ක්රියාත්මක හෙයින් ඉන්ඔවුන්ට සිදුවන අපහසුතාව මගහැරීමට මෙම නව ක්රියාමාර්ගය රජය ගෙන ඇත.
ඒ අනුව චීන සංචාරකයින්ට ශ්රී ලංකාවට පැමිණිමේ දී වීසා ලබාගැනීම සඳහා ඔවුන්ට සහාය වීමට චීන පෞද්ගලික නියෝජිතායතනයකට අවසරය හිමිවේ.