කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් පස් දෙනෙකු ඇමරිකාවෙන් මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තාවේ.
ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය බව ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදෙයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් පිලිබඳ වාර්තාවිය.
වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකපළ වන දහසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ ය.