නවතම පුවත්

කොරෝනා වෛරසයෙන් 80කට දිවි අහිමි වෙයි – 3000කට රෝගය ආසාදනය වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර 3,000කට ආසන්න සංඛ්‍යාවකට රෝගය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වනවිට ගෙවී යමින් ඇති චිනයේ නව අවුරුදු නිවාඩු කාලය ලබන ඉරිදා දිනය තෙක් දීර්ඝ කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආරම්භ වූ මූලාශ්‍රය වන හුබෙයිහි වුහාන් නගරය වෙත ඇතුළු වන හා පිටවන සියලු වාහන නවතා දමා ඇති අතර, තවත් නගර කිහිපයක් සංචාරක තහනම් පනවා ඇත.

සෞඛ්‍ය කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ සඳුදා හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර වෙනත් ස්ථානවල මරණ 4 ක් වාර්තා වී ඇති බවය.

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

තායිලන්තය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් ආසාධිතයන් 41ක් විදේශයන්හි තහවුරු වී තිබේ. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් සිදුවී නොමැත.

කොරෝනා වෛරසය දරුණු උග්‍ර ශ්වසන ආසාදන ඇති කරන අතර නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් ඒ වෙනුවෙන් සොයාගෙන නැත.

බොහෝ මරණ වලට වැඩිහිටි පුද්ගලයින් හෝ පූර්ව ශ්වසන ආබාධ ඇති අය සම්බන්ධ බව මේ වනවිට වෛද්‍ය නිගමනය වී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා