කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකය මත අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයට ඇතුළත් කර සිටි රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අවසන් පරික්ෂණ වාර්තාවෙන් ද තහවුරු වී ඇත.
කෙසේවෙතත්, කොරෝනා වෛරසය රටට ඇතුළුවීම හා ව්‍යාප්තිය වැළැක්වීමට සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මෙරටදී ආරම්භ කළ විශේෂ පරීක්ෂණයක් හරහා යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට මේ වන විට හැකියාව පවතින බවයි.