නවතම පුවත්

විදෙස් ගමන් සීමා කරන්න – රජය ඉල්ලයි

අසංක

අසංක

අත්‍යාවශ්‍ය කරුණකට හැර මේ දිනවල විදෙස් ගමන් වල නිරතවීම සීමා කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී .

විශේෂයෙන්ම කොරෝනා වෛරසය පැතිර ඇති බවට දැනට හඳුනාගෙන ඇති රටවල සංචාරය කිරීම මේ දිනවල හැකිතාක් සීමා කරන ලෙස ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

මෙරටට එම වෛරසය ආසාධිත රෝගීන් ඇතුළු නොවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් , වූහාන් පළාතේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිස අද හෝ හෙට ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා කටයුතු කරමින් ඇති බවත් ඒ මහතා පවසීය.

එසේම චීනයට සංචාරයකට හෝ රැකියා සඳහා පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් ද අවශ්‍ය වුවහොත් දිවයිනට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා ගුවන් යානයක් වුහාන් නගරයේ ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා අවසර ඉල්ලා ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි