නවතම පුවත්

ඉංජිනේරු සංස්ථාවේ පිරිසකට ජනවාරි වැටුපත් තාම නෑ

අසංක

අසංක

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් පිරිසකට මේ වන තුරුත් ජනවාරි වැටුප ගෙවා නැති බවට ජාතික සේවක සංගමය චෝදනා කර සිටී.

සංස්ථාවේ ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් 2400 ට ආසන්න සංඛ්‍යාවකට මෙසේ වැටුප් ලැබී නැතැයි ද මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් ජාතික සේවක සංගමය නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද ලිපියක් යොමු කර ඇත.

මෙසේ තමන්ට වැටුප් නො ලැබී තිබෙන්නේ 2020 ජනවාරි මස වැටුප 2020 ජනවාරි 24 දින ගෙවන බවට චක්‍රලේඛ මගින් සේවකයින් දැනුවත් කර තිබියදී යැයි ද සංගමය ලිපියේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාත් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාත් දැනුවත් කළේ යැයි ද සංගමය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා