කිසිම දිනක චීනයේ සංචාරයක් කර නොමැති ජපාන බස් රථ රියදුරෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජපාන රජය මේ වන ව්ට තහවුරු තිබේ.
මේ අනුව ජපානයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වී තිබේ.
අවුරුදු 60ක් වන මෙම ජපාන බස් රියදුරු මේ මස මුල් කාලයේදී චීනයේ වූහාන් සිට පැමිණි සංචාරකයන් පිරිසකට ප්‍රවාහන පහසුකම් ලබාදී තිබේ.
ඔහු නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී රෝහල් ගත කර ඇත අතර පසුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.