‘පඩි 91යිනේ. මම නගින්නම්’ මෛත්‍රී කියයි

Picture of අසංක

අසංක

ඉතිහාසයේ විශාලතම මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින්ට සුබ පැතීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය වුයේය. ඒ අනුව සිය නිලධාරින් අමතා තමන්ට එම කාර්යංශයට යාමට අවශ්‍ය බව මෛත්‍රී කීවේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තිබෙන්නේ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත ගොඩනැගිල්ලේමය. මෛත්‍රී එහි යනවිට ගොඩනැගිල්ලේ විදුලි සෝපාන දෙකම ක්‍රියා විරහිතවී තිබිණි.

පොලිස් නිලධාරින් දැන් කළ යුත්තේ කුමක්දැයි අහස පොළව ගැටගසන්නට වුයේය.ඇතැම් නිලධාරිහු තුන්වැනි තට්ටුවේ සිට හෙරොයින් තොගය පහළ මාලයට ගෙනඑමුයැයි කසු කුසු ගාන්නට වුහ.

සර් පඩි 91 ක් තියෙනවා නේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් මෛත්‍රීට කීවේය.

‘කමක් නෑ කමක් නෑ. මම එතැනට යන්නම ඕන’ යැයි කී ජනාධිපතිවරයා ආරක්ෂකයන් සමග පඩි පෙළ නැග ගොස් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ තිබු අත්අඩංගුවට ගත් මත්කුඩු කිලේ 295 පරික්ෂා කර බලා වැටලීම කළ නිලධාරින්ට සුබ පැතුවේය.

‘එක එක අයගෙන් එන කෝල් ගැන හිතන්න එපා. මේ වැඩපිලිවෙල ඉදිරියටම කරගෙන යන්න. කවුරුහරි බාධා කළොත් මට කියන්න’ යැයි ජනාධිපති මෛත්‍රී සිරිසේන නිලධාරින්ට කීවේය.

රමේෂ් වරල්ලෙගම