චීනයේ නගර තුනක ජනතාවට මෙරටට ඇතුළුවීම සඳහා වීසා ලබාදීම අතිහිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව වූහාන්, හුවැංහැන්ග් සහ ඒසූ නගර වල වැසියන්ට මෙරටට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකෙරේ.
මීට අමතරව චීනයේ තවත් නගර 53 ක පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී කළින් වීසා අයදුම් කළ යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.